29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNews12 හැවිරිදි පෙම්වතියට හදි කළ පෙම්වතා අත්අඩංගුවට

12 හැවිරිදි පෙම්වතියට හදි කළ පෙම්වතා අත්අඩංගුවට

12 හැවිරිදි දැරියක් රවටා පාසල් නිල ඇඳුමෙන් ඥාතියකුගේ නිවසට රැගෙන ගොස් අපහරණය කර බණ්ඩාරගම බස් නැවතුම්පොළ අසළ දමා ගිය 19 හැවිරිදි තරුණයකු සහ ඊට ආධාර අනුබල දුන් අඹු සැමි යුවළක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පානදුර කේතුමතී කාන්තා රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

දැරියගේ මව දැරිය සමඟ පොලිසියට පැමිණ කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු සහ අඹු සැමි යුවළ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම දැරිය පාසලට නොපැමිණි බවට ඇය අධ්‍යාපනය ලබන පාසලේ ගුරුවරියක් දුරකථන මාර්ගයෙන් මවට දැනුම් දීමෙන් අනතුරුව මව විසින් දැරිය සතුව ඇති දුරකථනයට ඇමතුමක් ගෙන විමසීමේදී ඇය ප්‍රකාශ කර ඇත්තේ තමා මිතුරකුගේ නිවෙසට පැමිණි බවයි.

පාසල් වේලාව නිමවීමෙන් පසුව දැරිය මවට දුරකථන ඇමතුමක් ගෙන ප්‍රකාශ කර තිබුණේ තමා බණ්ඩාරගම බස් නැවතුම්පොළ අසල සිටින බවටයි. පසුව මව දැරිය ද රැගෙන පොලිසියට පැමිණ මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා.

අනතුරුව පොලිස් නිලධාරිනියන් විසින් දැරියගෙන් ප්‍රකාශ ලබා ගැනීමේදී ඇය ප්‍රකාශ කර ඇත්තේ පසුගිය වෙසක් පොහෝ දින දන්සලක් අසලදී වස්කඩුව ප්‍රදේශයේ තරුණයකු හඳුනාගත් බවයි. එය ප්‍රේම සබඳතාවයක් බවට පත්වීමෙන් අනතුරුව ඔහුගේ ඉල්ලීම මත තමන් ඔහු හමුවට ආ බව දැරියගේ ප්‍රකාශවලින් අනාවරණය වී තිබෙනවා.

එම තරුණයා දැරිය ත්‍රී රෝද රථයක නංවාගෙන බණ්ඩාරගම ගල්තුඩේ ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට ගිය බවටයි හෙළිවී ඇත්තේ. ඒ අනුව එම නිවසට ගිය පොලිස් නිලධාරීන් එහි සිටි අඹුසැමි යුවළ අත්අඩංගුවට ගෙන අනාවරණය වූ තොරතුරු අනුව දැරිය රවටා අපහරණය කළ තරුණයා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් 19 හැවිරිදි සැකකරු වස්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.