11.3 C
London
Tuesday, May 30, 2023

අලි සබ්‍රි රහීම්ට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් යෝජනාවක්

නීතිවිරෝධී ලෙස රත්‍රන් සහ ජංගම දුරකථන තොගයක් රැගෙන ඒම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ට එරෙහි යෝජනාවක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද කථානායකවරයාට භාරදී තිබෙනවා.

අදාළ යෝජනාව කතානායකවරයා වෙත භාරදෙනු ලැබුවේ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, කාවින්ද ජයවර්ධන, ජේ.සී. අලවතුවල ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් විසින්.

දයාසිරි ජයසේකර, හර්ෂණ රාජකරුණා, උදය ගම්මන්පිල, වසන්ත යාපා බණ්ඩාර, වීරසුමන වීරසිංහ, අශෝක් අබේසිංහ, ඉමිතියාස් බාකීර් මාකර්, තුෂාර ඉඳුනිල්, උපුල් ගලප්පත්ති ඇතුලු පිරිසක් මෙම යෝජනාවට අත්සන් කර තිබෙනවා.

අදාළ යෝජනාවේ දැක්වෙන්නේ මන්ත්‍රීවරයා සිදු කළ ක්‍රියාව මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහය සම්පූර්ණයෙන්ම උල්ලංඝණය කර ඇති බවයි.

පාර්ලිමේන්තු වරප්‍රසාද අව භාවිතා කරමින් සිදු කරනු ලැබු මෙම ක්‍රියාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විසින් දැඩි ක්‍රියාමාර්ග ගත යුතු අතර ඒ සඳහා පූර්වාදර්ශයන් වුව ද අනුගමනය කළ යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එබැවින් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙමින් මෙවැනි නීති විරෝධී ක්‍රියා තවදුරටත් සිදු නොකිරීමට මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතු බවටයි මන්ත්‍රීවරුන් පිරිස යෝජනා කර ඇත්තේ.

Latest

මහින්ද රාජපක්ෂ තමයි මගේ දේශපාලන ගුරුවරයා – ගීතා

තමා ජීවත් වනතුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැකගැනීමට ඇප...

විදේශ ගමන් බලපත්‍රය දින 03න් නිවසටම

විදේශ ගමන් බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ අයඳුම් කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී...

ශ්‍රී ලංකාව – මැලේසියාව සමග තිබූ ගිවිසුමක් දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව සහ මැලේසියාවේ කෘෂිකාර්මික...

මෙරට ජනගහනයෙන් 17%ක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන්

මෙරට ජනගහනයෙන් 17%ක පිරිසක් මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පීඩාවට...

Don't miss

මහින්ද රාජපක්ෂ තමයි මගේ දේශපාලන ගුරුවරයා – ගීතා

තමා ජීවත් වනතුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැකගැනීමට ඇප...

සිසුසැරිය සම්පූර්ණ වියදම රජයට දරන්න අමාරුයි – බන්දුල

සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා යම් අයකිරීමක් සිදුකිරීමට සිදුවන...

“ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් ඕනේ නැහැ”

ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් අවශ්‍ය නැති බවත් තම අමාත්‍ය...

මං ඉල්ලා අස්වෙන්නේ නැහැ – අලි සබ්රි

තමන් කිසිසේත්ම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් නැති බව...

තොණ්ඩමන්ගේ ගුණ සමරමින් විශේෂ සමරු මුද්දරයක්

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක සහ...

මහින්ද රාජපක්ෂ තමයි මගේ දේශපාලන ගුරුවරයා – ගීතා

තමා ජීවත් වනතුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැකගැනීමට ඇප කැපවී වැඩකරන බවත් තමාව දේශපාලනයට රැගෙන ආවේ මහින්ද රාජපක්ෂ බවත් රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පැවසුවාය. රාජ්‍ය...

සිසුසැරිය සම්පූර්ණ වියදම රජයට දරන්න අමාරුයි – බන්දුල

සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා යම් අයකිරීමක් සිදුකිරීමට සිදුවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය. හෙතෙම මේ බව සඳහන් කළේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30)...

“ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් ඕනේ නැහැ”

ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් අවශ්‍ය නැති බවත් තම අමාත්‍ය ධූරය අහිමිවීමට ඉඩ ඇති බවත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි. හෙතෙම මේ බව කියා සිටියේ කහටගස්දිගිලිය...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here