18 C
London
Friday, June 2, 2023

නිවැරදි ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග වේදනාකාරීයි – මහබැංකු අධිපති

ආර්ථිකයේ සියලු පාර්ශ්වකරුවන්ගේ යහපත වෙනුවෙන් මෙරට ආර්ථිකය යළි ප්‍රකෘතිමක් කරලීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අඛණ්ඩව පියවර ගන්නා බව මහ බැංකු අධිපති ආචාර්ය නන්නදලාල් වීරසිංහ පැවසීය.

මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (25) කොළඹ පැවැති
ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය එක්වී සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය සහ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ ජාතික කථිකාවතට එක්වෙමිනි.

මහ බැංකුවේ ප්‍රධාන අරමුණක් වන්නේ උද්ධමනය ඉහළ යාම සහ ගෙවුම් ශේෂ හිඟය පාලනය කිරීම සඳහා තීරණාත්මක පියවර ගැනීමයි. උද්ධමනය ඉහළයාම සහ විදේශ විනිමය හිඟය අප මුහුණදුන් ප්‍රධාන ගැටලු දෙකක්. උද්ධමනය පාලනයකින් තොරව ඉහළ යාම වැළැක්වීම සඳහා තීරණාත්මක පියවර රැසක් ගැනීමට අපට සිදුවුණා. 70%ක් දක්වා උපරිමයට ගිය උද්ධමනය දැන් 30% මට්ටම දක්වා පැමිණ ඇති අතර මේ වසරේ සිව්වන කාර්තුව වන විට හෝ ඊට පෙර උද්ධමනය තනි අගයකට පැමිණෙන බව සහතික වශයෙන් කිව හැකියි.

අප ගෙන ඇති පියවර සැලකූ විට නිවැරදි ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග වේදනාකාරීයි. විශේෂයෙන් පොලී අනුපාත ඉහළ නැංවීම, ව්‍යාපාර සඳහා දුෂ්කර වේදනාකාරී පියවරක්. එය දැනට කෙටි කාලීනව විසඳා තිබෙනවා. එහෙත් එවැනි පියවර, උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ ආර්ථික අස්ථාවරත්වයේ දරුණු ප්‍රතිවිපාක වැළැක්වීමට අවශ්‍ය වනවා. ව්‍යාපාර ඇතුළු ආර්ථිකයේ සියලු පාර්ශ්වකරුවන්ට මෙරට ආර්ථිකය යළි ප්‍රකෘතිමක් කරලීම සඳහා එය අත්‍යවශ්‍ය වනවා.

Latest

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කෙරේ

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු හතරෙන් තුනක් අද (02) පස්වරුව...

කොස්ගොඩ සුජීගේ ගෝලයෙක් අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන 'කොස්ගොඩ සුජී'...

එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ සහයට ජනපති නීතිඥවරුන් දෙදෙනෙක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම...

හිටපු පොලිස් නිලධාරියෙකුට වසර 04ක සිර දඬුවම්

අන්සතු වාහනයක් නීති විරෝධී ලෙස කොටස් කර සන්තකයේ තබා...

Don't miss

ඇමතිකම් ඉල්ලගෙන පස්සෙන් යන්නේ නැහැ – මහින්දානන්ද

තමා කිසි දිනක අමාත්‍ය ධුර ඉල්ලා නොමැති බවත් තමාගේ...

බදු ගොනුවක් අරඹන්න කිව්වේ බදු අය කරන්න නෙවෙයි – සියඹලාපිටිය

වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනා හට බදු ලිපි ගොනුවක්...

පොහොට්ටු ප්‍රභලයින්ට ඇමතිකම් දෙනවා නම් හොඳයි – මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කර ඒ ඒ දිස්ත්‍රික්කවල...

ආර්ථිකය යළි ප්‍රකෘතිමත් වෙමින් පවතිනවා – මහින්ද රාජපක්ෂ

ආර්ථිකය යළි ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් පවතින බව හිටපු ජනාධිපති...

ඡන්දයක් අත ළඟ බව ජනපතිගෙන් ඉඟියක්

ළගදීම ඡන්දයක් පැවැත්වෙනු ඇති බවට ජනාධිපතිවරයා ඉගි පළ කළ...

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කෙරේ

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු හතරෙන් තුනක් අද (02) පස්වරුව වනවිට විවෘත කර තිබේ. මේ හේතුවෙන් කුඩා ගඟ ආශ්‍රිත පහතබිම්වල ජනතාවට අවධානයෙන් පසුවන ලෙසට බලධාරීන් දැනුම්දී...

කොස්ගොඩ සුජීගේ ගෝලයෙක් අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන 'කොස්ගොඩ සුජී' නමැත්තාගේ ප්‍රධාන ගෝලයකු අද (02) අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පවසන්නේ 'ඇන්ටා' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන...

එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ සහයට ජනපති නීතිඥවරුන් දෙදෙනෙක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම සඳහා සිංගප්පූරුවේ පැවරූ වන්දි නඩුවේ කටයුතුවලට අදාළ නීතිපති දෙපාර්තමේන්තුවට සහාය වීම සඳහා ජනාධිපති නීතිඥවරුන් දෙදෙනෙකු...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here