― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsපොලිස් නිලධාරියෙකුට තග දැමූ තිදෙනාට වැඩ වරදී

පොලිස් නිලධාරියෙකුට තග දැමූ තිදෙනාට වැඩ වරදී

පොලිස් නිලධාරියෙකුට පහර දී රාජකාරියට බාධා කළ බව කියන තරුණයන් දෙදෙනෙකු සහ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෑලියගොඩ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පාලම අසලදී රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකුටයි යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවක් විසින් ඊයේ (24) රාජකාරියට බාධා කර පහරදීම සිදු කර තිබුණේ.

ඒ සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විමර්ශනයක් සිදු කර සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබුවා.

අදාළ පොලිස් නිලධාරියා උදෑසන රථ වාහන හැසිරවීමේ රාජකාරියේ යෙදී සිටියදී ආරක්ෂිත හිස්වැසුම් නොමැති පුද්ගලයෙකු යතුරුපැදයකින් රැගෙන යමින් සිටියදී එය නවතා පරීක්ෂා කිරීමට ගොස් තිබෙනවා. එහිදී යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයන් දෙදෙනා සහ එම ස්ථානයට පැමිණි කාන්තාවක් නිලධාරියා සමග ආරවුලක් ඇතිකරගෙන ඔහුට පහරදී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවනවා. සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇත්තේ පට්ටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 21 සහ 21 වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙක් සහ 50 හැවිරිදි කාන්තාවක්.

ඔවුන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.