28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමවගේ අනියම් සැමියා දැරියට හදි කරලා

මවගේ අනියම් සැමියා දැරියට හදි කරලා

පහළොස් හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කළ බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මවගේ අනියම් පුරුෂයා විසින් මෙම දැරිය අපයෝජනයට ලක් කර ඇති බවයි දැරිය පොලීසිය හමුවේ පවසා ඇත්තේ.

මෙම දැරියගේ මව විදේශගතව සිටින අතර ඇය සිය අත්තම්මා සමග මහවෙල පොලිස් වසමේ ජීවත්ව තිබේ.

කෙසේවෙතත මෙම දැරිය අත්තම්මා සමග බහින්බස් වී නිවසෙන් යමින් සිටියදී පොලිස් නිලධාරීන් සිය භාරයට ගෙන ඇත. ඉන්පසු දැරිය අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපයෝජනයට ලක්වී ඇති බව අනාවරණය වී තිබේ.

අනතුරුව දැරියගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඇය පොලීසිය හමුවේ පවසා ඇත්තේ මවගේ අනියම් පුරුෂයා අතින් තමා අපයෝජනයට ලක් වූ බවයි.

හතළිස් එක් හැවිරිදි පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.