25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅයිස් සමඟ කතක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

අයිස් සමඟ කතක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

අයිස් කිලෝ 01 ග්‍රෑම් 19 සමග කාන්තාවක් සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු රත්නපුර මාරපන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන රුපියල් 25,600ක මුදලක් සහ තවත් උපකරණ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

ඉන් ප්‍රධාන සැකකරු වන දිලුම් නැමැත්තා සීදුව කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වන අතර ඔහු ඉකුත් 19 වනදා විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගත් අවස්ථාවේ එම ස්ථානයේ සිටි සෙබළෙකුට තියුණු ආයුධයකින් පහර දී පළා ගොස් සිටි අයෙක් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.