27.8 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPolitical"ජනපති, අගමැති මාව බේරා නොගත් නිසා මං ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන්නා"

“ජනපති, අගමැති මාව බේරා නොගත් නිසා මං ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන්නා”

තමන් ආණ්ඩුවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ, රේගුව විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ජනාධිපති ලේකම්වරයා සහ අග්‍රාමාත්‍යවරයා ඇමතූ නමුත් ඔවුන් තමන් මුදා ගැනීම සදහා කිසිවක් නොකළ නිසා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (25) පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදීය.

එමෙන්ම එහිදී ඔහු අවධාරණය කළේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ විශේෂ අමුත්තන්ගේ පැමිණේමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගත් රත්තරන් සහ ජංගම දුරකථන තොගය තමන්ට අයත් නොවන බවත් එම භාණ්ඩ තොගය තම මිත්‍රයකුගේ වුවත් තමන්ට ඒ සමබන්ධයෙන් වරදකරු වීමට සිදු වූ බවත්ය.