28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsටෝච් එළියෙන් තමයි පොසොන් උත්සවය සමරන්න වෙන්නේ

ටෝච් එළියෙන් තමයි පොසොන් උත්සවය සමරන්න වෙන්නේ

මෙවර පොසොන් උත්සවයේ වන්දනා මාන කටයුතු පන්දම් පත්තු කරගෙන සිදු කිරිමට සිදුව ඇති බව මිහින්තලා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන් පැවසූහ.

ඊයේ (24) මිහින්තලේ රජමහා විහාරයේ මැදමළුවේදී පොසොන් කමිටු රැස්වීම මිහින්තලා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිගේ අනුශාසකත්වයෙන් පොසොන් කමිටුවේ සභාපති දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී අනුරාධපුර විදුලි ඉංජිනේරු ධම්මික ජයවර්ධන කියා සිටියේ අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් මෙවර පොසොන් ජාතික උත්සවය පැවැත්වෙන මිහින්තලා පුදබිමට විදුලි ආලෝකය ලබාදිය නොහැකි බවයි.

පොසොන් උත්සවයේදී ඉදිකරන මාර්ග බාධක, බැතිමතුන් ගිමන් හරින ස්ථාන, නාන තොටුපොළ, වැසිකිලි, ඉදිකර ඇති ස්ථානවලට විදුලිය ලබා ගැනීම සඳහා අවස්ථා කීපයකදීම විමසීමක් කළද ප්‍රතිපාදන නොලැබීම නිසා විදුලිය ලබා දිය නොහැකි බවයි විදුලි ඉංජිනේරුවරයා පැවසුවේ.