30 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුරකථනය නිසා තරුණයන් 02ක් දුම්රියට බිලි

දුරකථනය නිසා තරුණයන් 02ක් දුම්රියට බිලි

දුරකතනයෙන් කතා කරමින් දුම්රිය මාර්ගයේ ගමන් කළ තරුණයින් දෙදෙනෙකු වදුරුව දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (25) පෙරවරු 5.45 ට පමණ දුම්රියේ ගැටී මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ වේයන්ගොඩ වදුරුව ප්‍රදේශයේ පදිංචිව සිටි කවිෂ්ක ලක්මාල් නැමැති 18 හැවිරිදි තරුණයෙකු සහ එස්.ඒ.තිවංක නැමැති 19 හැවිරිදි තරුණයෙකි.

මෙම තරුණයින් දෙදෙනාගේ නිවෙස් දුම්රිය මාර්ගය ආසන්නයේම පිහිටා තිබෙන අතර විනෝද චාරිකාවක් යාම සදහා අද උදෑසනම සූදානම් වී වදුරව දුම්රිය ස්ථානය දෙසට දුම්රිය මාර්ගය ඔස්සේ ජංගම දුරකථනයකින් කතා කරමින් ඔවුන් ගමන් කරමින් සිටියදී ඊට පිටුපසින් බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

අනතුරෙන් පසු මිය ගිය තරුණයින් දෙදෙනාගේ දේහයන් වේයන්ගොඩ දුම්රිය ස්ථානයට ගෙනැවිත් තිබෙනවා.