27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනැවතී තිබූ සිංගප්පූරු හෙද කෝටාව යළි මෙරටට

නැවතී තිබූ සිංගප්පූරු හෙද කෝටාව යළි මෙරටට

ශ්‍රී ලාංකික හෙද හෙදියන් සඳහා සිංගප්පූරු රැකියා කෝටාව යළි අරඹා තිබේ.

නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධ්‍යක්ෂවරයා නිකුත් කළ ලිපියක් හේතුවෙන් නතර පසුගියදා මෙම කෝටාව නවතනු ලැබූ අතර එහි පළමු කණ්ඩායම ලෙස හෙද හෙදියන් 36ක් සිංගප්පූරුව වෙත පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම කණ්ඩායම පිළිගැනීමේ උත්සවය සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් හා සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රධානත්වයෙන් රෝයල් හෝටලයේදී පැවැත්විණි.

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෂිකලා ප්‍රේමවර්ධන, එහි කම්කරු අංශයේ උපදේශක නිපුණ තිබ්බටුමුණුව යන අයගේ මැදිහත්වීමෙන් එම රැකියා කෝටාව යළි මෙලෙස හිමිව තිබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලාංකික හෙද හෙදියන් 200කට එරට රැකියා හිමිවන අතර ඉදිරි දිනවල සෙසු පිරිස එරටට ළඟාවීමට නියමිතය.