― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsPoliticalහංගගෙන කරන සංවර්ධනයකින් රටට වැඩක් නැහැ

හංගගෙන කරන සංවර්ධනයකින් රටට වැඩක් නැහැ

කොහේවත් හංගගෙන කරන සංවර්ධනයකින් රටට වැඩක් නැති බවත් මැක්කකු ලියූ පොතක් නිසා තමා සහ ශවේන්ද්‍ර සිල්වා හිටපු යුද හමුදාපතිවරයා කුමන්ත්‍රණයක් කළේ යැයි සඳහන් කරමින් ජනතාවගේ ඔළුවලට විසබීජ ඇතුළු කිරීමට ඔහු එමගින් කටයුතු කර ඇති බවත් සමගි ජන බලවේගයේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (25) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සරත් ෆොන්සේකා කියා සිටියේ මේ කුමන්ත්‍රණය පිටුපස ඇමරිකානු තානාපතිවරියද සිටින බවයි.

ජනතාව සතුටින් සිටින බවක් පේන්නෙ නැහැ. අපිට නම් පේන්නේ ලොකු කරදරයක සිටින බව. මේ රටේ දරුවන් ගෙන් සියයට 15 කට මන්දපෝෂණය. දරුවන්ගෙන් සියයට පනහකට හරියට කෑම බීම ලැබෙන්නේ නැහැ. විරැකියාව වර්ධනය වෙනවා. ව්‍යාපාර වැසීගෙන යනවා. හයිඩ්‍රාමනී ඇඟලුම් කම්හල වහලා දාලා තියෙනවා. දහස් ගාණකට රැකියා නැතිවෙලා. මේ සංවර්ධනය ජනතාවගේ ඇඟට දැනෙන්නේ නැහැ. කොහේවත් හංගගෙන කරන සංවර්ධනයකින් රටට වැඩක් නැහැ. සංවර්ධනය අපිට දැනෙන්න ඕන.