31.1 C
Colombo
Thursday, August 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහමුදා සෙබළෙක් හෙරොයින් සමඟ මාට්ටු

හමුදා සෙබළෙක් හෙරොයින් සමඟ මාට්ටු

කළුතරදී හෙරොයින් සමඟ හමුදා සෙබළෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අඟුරුවාතොට පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී කළුතර හොරණ මාර්ගයේ කෙසෙල්හේනාව මංසන්ධියේදී යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී මොහු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 200 ක් හමු වී තිබේ.

මොහු ශ්‍රී ලංකා යුධ හමුදා යුද උපකරන බලකා රෙජිමේන්තුවට අයත්ව සේවය කොට ඇති අතර 2012 වසරේ සිට නිවාඩු මත රාජකාරියෙන් බැහැරව සිට තිබෙනවා.

සැකකරු හොරණ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු අද දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.