27.8 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහලාවතදී අයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

හලාවතදී අයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

හලාවත තානායම ආසන්නයේ මුහුදු වෙරළේ ඇවිදිමින් සිටි පුද්ගලයෙකු චන්ඩ රළ පහරකට හසුවී ගසා ගෙන යාම හේතුවෙන් මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

24 වැනිදා රාත්‍රී 7.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ හලාවත – රිදීවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි නන්හිමි ආරච්චිලාගේ දොන් ඇන්ටන් අනුර කුමාර (අවු:53) නම් අයෙකි. මිය ගොස් ඇති අය හලාවත වෙරළ තීරයේදී මත්පැන් පානය කර ඇති බවත් අනතුරුව විනෝදයට වෙරළේ ඇවිදිමින් සිට ඇති බවත් හලාවත පොලීසිය කියයි.

චන්ඩ රළ පහරකට ඔහු හසුවී ගසා ගෙන ගොස් ඇත. අවට සිටි කීප දෙනෙකු වහාම ඉදිරිපත් වී මුහුදේ ගසා ගෙන යමින් සිටි අයව ගොඩට ගෙන හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔහු මිය ගොස් ඇත.

හලාවත මුහුදු වෙරළ තීරය තුළ පසුගිය දින කීපයේදී මිනිස් ජීවිත 06 කට වැඩි ප්‍රමාණයක් බිලි ගෙන ඇත. මෙම අනතුරුදායක තත්ත්වය නිසා වෙරළ තීරයේ ඇවිදීමෙන් වළකින ලෙස හලාවත පොලීසිය විසින් පුවරුද සවි කර ඇත. නමුත් අවවාද ‍නොතකන ඇතැමුන් මේ ආකාරයට වෙරළේ විනෝද වීමට යාමේදී අනතුරුට පත්වන බව පොලීසිය සදහන් කරයි.