― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsළමුන් කලහකාරී ලෙස හැසිරීමට සමාජ මාධ්‍යයත් හේතුවක් - වෛද්‍යවරු

ළමුන් කලහකාරී ලෙස හැසිරීමට සමාජ මාධ්‍යයත් හේතුවක් – වෛද්‍යවරු

පාසල් යන වයසේ පසුවන නව යෞවනයන් වැඩි වේලාවක් සමාජ මාධ්‍ය භාවිතා කිරීම කලහකාරී ලෙස හැසිරීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව වෛද්‍යවරු පවසති.

ළමා සහ නව යොවුන් මනෝ චිකිත්සක උපදේශකවරු පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය භාවිත කරන ළමුන් අතර විෂාදයේ ලක්ෂණ බහුලව දක්නට ලැබෙන බවයි.

ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ළමා සහ නව යොවුන් මනෝ චිකිත්සක උපදේශක වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේද සඳහන් කළාය.

නව යෞවනයෙකුගේ මොළයේ පිටුපස කොටස තමයි ඉස්සෙල්ලා වර්ධනය වෙන්නේ. එතකොට පිටුපස කොටස තමයි හැඟීම් මොළේ කියලා කියන්නේ. එතකොට හැඟීම්වලට අදාළ දේවල් හරි ඉක්මනින් වර්ධනය වෙනවා. ආශාවන් පස්සේ යනවා. අලුත් දේවල් කරන්න බලනවා. බුද්ධිමය කුසලතාවලට අදාළ කොටස් වර්ධනය වෙන්න ටිකක් ප්‍රමාද වෙද්දි වෙන්නේ, හැඟීම් එක්ක වැඩකරනවා වැඩියි. නිකන් බේරේක් නැති වාහනේ වගේ.

නව යෞවන වියේ දී වැඩිපුර කලහකාරී දේවල්වලට යොමු වුණොත්, වි‍ශේෂයෙන් වීඩියෝ ගේම් වගේ දේවල්වලට ඒක දිගටම ප්ලේ කරද්දි මොළේ සකිට් වැඩිපුර ශක්තිමත් වෙනවා. එතකොට වැඩිහිටියෙක් වුණාම එයා කලහකාරී ලක්ෂණ එක්ක තමා ඉන්නේ. ඒ විශේෂත්වය එක්ක සමාජ මාධ්‍යවලට ගියාම ටිකක් අනතුරුවලට ලක්වෙනවා වැඩියි. මොකද හරි දේ තෝර බේරගන්න බෑ. හැඟීම් පස්සේ ආශාවන් පස්සේ යනවා.

සීමාවට වඩා සමාජ මාධ්‍යවල ඉන්න දරුවන්ගේ විශාදයේ ලක්ෂණ, අනිත් එක තමා කාංසාව කියන තත්ත්වය හා පෞර්ෂය අඩුවෙනවා. මොකද සමාජයට ගිහින් ඇස් දෙක දිහා බලලා සංනිවේදනයක් පවත්වා ගන්නේ නැතුව කෘතිම පරිසරයක් ඇතුළේ තියන සම්බන්ධතාවයකින් දරුවන්ගේ පෞර්ෂය වර්ධනය වෙන්නේ නෑ.

සමහර අවස්ථාවලදී අනාරක්ෂිත ගෘප් තියෙනවා. සමහර වෙලාවට තමන්ට හානි කරගන්න ගෘප් තියෙනවා. ඒ ගෘප් එකට ඇතුළත් වෙන්නත් තමන්ට හානියක් කරගන්න වෙනවා. නමුත් ඒ අයට ඒකේ වැරදි පේන්නේ නෑ. ඒ අය ඒකට යනවා මොකද එයාලා කැමතියි ඒකට. අනිත් අවස්ථාව තමා සයිබර් අවකාශයේ හිරිහැරයට ලක්වීම. මේකේ ලොකුම ගැටලුව තමා පළමු දේ මේක ලොකු ඕඩියන්ස් එකකට යනවා. දෙවැනි කාරණය තමා පැය 24ම දවස් 7ම. අනිත් එක තමා කවුද මේක කරන්නේ කියලා හොයා ගන්න අමාරුයි. අපි හිතමු මොනවා හරි විදියකින් මේක නැවැත්තුවා කියලා. නැවැත්තුවත් ඒ වෙච්ච හිරිහැරය වෙලා ඉවරයි. මේවායින් පස්සේ විශේෂයෙන් විශාදය හා සියදිවි නසා ගැනීම්වලට යන දරුවෝ අපි දැකලා තියෙනවා.

අනිත් එක හොඳ නැති පුද්ගලයෝ බොරු ගිණුම්වලින් ඇවිත් මේ නව යෞවනයෝ එක්ක ගෘප්වලට එකතුවෙනවා. ඒ වගේම අනවශ්‍ය සම්බන්ධතා ගොඩනඟා ගන්නවා. ඒ හරහා අනවශ්‍ය ලිංගික හැසිරීම්වලට පවා නව යෞවනයන් යන අවස්ථා තියෙනවා. නිරුවත් ඡායාරූප අරන් ළමයින්ව බ්ලැක්මේල් කරන අවස්ථා තියෙනවා. ඒවා අවසන් වෙන්නේ සියදිවි නසා ගැනීම් සහ විශාදය වැනි තත්ත්වවලින්…”