11.7 C
London
Friday, June 9, 2023

අලි සබ්රිට පාර්ලිමේන්තුව තහනම් කළ යුතුයි

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බවට පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ප්‍රකාශ කළේ අද (26) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් මෙම තීරණය ගත් බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන ලෙසට කථානායකවරයාගෙන් ඉල්ලා සිටීමට පක්ෂ නායකයින් තීරණය කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළේ.

එම රැස්වීමේදී හිටපු කථානායක චමල් රාජපක්ෂ පෙන්වා දී ඇත්තේ එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට කථානායකවරයාට බලය ඇති බවයි. මේ අතර මේ වන විටත් අලි සබ්රි රහීම්ට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, එම්.ඒ.සුමන්තිරන්, ලක්ෂ්මන් කිරිඇල්ල යන අය විසින් කථානායකවරයාට පෙත්සමක් භාරදී ඇති බව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළා.

අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වන බැවින් ඔහුව පාර්ලිමේන්තුවෙන් නෙරපීමට එකඟ වී රජය කටයුතු ආරම්භ කළ යුතු බවයි මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් පසුගිය අඟහරුවාදා ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවේදී නීතිවිරෝධීව රත්‍රන් සහ ජංගම දුරකථන රැගෙන ඒමේ චෝදනාවට රේගු නිලධාරීන් විසින් රඳවා තබා ගනු ලැබුවා.

ඔහු සතුව තිබී කිලෝග්‍රෑම් 3කට වැඩි බරැති ප්‍රකාශ නොකළ රත්‍රන් තොගයක් සොයා ගනු අතර ඔහුගේ ගමන් මල්ලේ තිබූ ස්මාර්ට් ජංගම දුරකථන 91ක් හමුවී තිබුණා. අදාළ රත්‍රං තොගය සහ ජංගම දුරකතනවල වටිනාකමක රුපියල් කෝටි අට හමාරකට අධික බව සඳහන්.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ප්‍රකාශ නොකළ රත්‍රං සහ ජංගම දුරකථන රාජසන්තක කර පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ට රුපියල් ලක්ෂ 75 ක දඩයක් ද පනවා නිදහස් කළ බවයි.

Latest

අගමැති හා මාලදිවයින් විදේශ ඇමති අතර හමුවක්

දිවයිනට පැමිණ සිටින මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ්...

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට

සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 10ක මිල පහළ දමා තිබේ.. හෙට...

උඩදියලුම වන අලි ප්‍රහාරයේ පෙම්වතා යළි රිමාන්ඩ්

කොස්ලන්ද, උඩදියලුම ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වූ තරුණියගේ...

හරක් කටාගේ පෙත්සමකට දින නියම වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නඳුන් චින්තක වික්‍රමරත්න...

Don't miss

ඩොලරයේ වාසිය ගොවීන්ටත් ලබාදෙනවා – මහින්ද

රුපියල් 9,000කට පහළ මිලකින් ගොවීන්ට යූරියා ලබාදීමට කටයුතු කරන...

ගෝඨාභයට ගෙවල් දෙන්න මම කවුද? – අලි සබ්රි

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට තමා නිවසක් දී නැති බවත්...

අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපතිවරයා ලෙස පත්කිරීම නීත්‍යානුකූලයි

2015 වසරේදී මහ බැංකු අධිපතිවරයා ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පත්...

අනුර ඇතුළු 26කට එරෙහිව වාරණ නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු 26 දෙනෙකුට මාර්ග...

වසර 05කදී රැකියා 73,440ක් අහිමි වෙලා

2018 වසරේ සිට වසර 05ක කාලය තුළ සුළු හා...

ඩොලරයේ වාසිය ගොවීන්ටත් ලබාදෙනවා – මහින්ද

රුපියල් 9,000කට පහළ මිලකින් ගොවීන්ට යූරියා ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි. "පොහොර...

ගෝඨාභයට ගෙවල් දෙන්න මම කවුද? – අලි සබ්රි

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට තමා නිවසක් දී නැති බවත් වරප්‍රසාදවලට මුවාවී මෙවැනි තුට්ටු දෙකේ ප්‍රකාශ නොකරන්නැයි තමා රාසමාණික්කම් මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටින බවත් විදේශ කටයුතු...

අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපතිවරයා ලෙස පත්කිරීම නීත්‍යානුකූලයි

2015 වසරේදී මහ බැංකු අධිපතිවරයා ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීම නීත්‍යානුකූල සහ ව්‍යවස්ථානුකූල බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවේදී පැවසීය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here