― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsඑකම පවුලේ දූවරු තිදෙනෙක්ට හදි කළ මාමාට වැඩ වරදී

එකම පවුලේ දූවරු තිදෙනෙක්ට හදි කළ මාමාට වැඩ වරදී

එකම පවුලේ ගැහැණු දරුවන් තිදෙනෙකු අපයෝජනය කළ අයෙක් පොලීසිය විසින් ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස එම දැරියනව දූෂණය කර ඇත්තේ ඔවුන්ගේ මවගේ බාල සොහොයුරා (මාමා) බවයි කල්පිටිය පොලීසිය පවසන්නේ.

ළමා රක්ෂණ අධිකාරියට ලද පැමිණිල්ලක් මත කල්පිටිය පොලීසිය විමර්ශන සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 10ක සහ 11ක යන වයස්වල පසුවන දැරියන් තිදෙනෙකු බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.