― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsජපානයේ ප්‍රබල භූ චලනයක්

ජපානයේ ප්‍රබල භූ චලනයක්

ටෝකියෝ සහ නැගෙනහිර ජපානයේ අනෙකුත් ප්‍රදේශවලට ප්‍රබල භූමිකම්පාවක් සිදුවී තිබෙනවා.

කෙසේවෙතත් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රිච්ටර් මාපකයේ 6.1ක ප්‍රබල භූ කම්පනය චිබා අර්ධද්වීපයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් කිලෝමීටර් 44.5 (සැතපුම් 28) ගැඹුරින් කේන්ද්‍රගත වී ඇති බවයි ඇමරිකා එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ.

එම ප්‍රදේශයේ දුම්රිය සේවා ටික වේලාවකට නතර කර ඇති අතර ටෝකියෝ නරිටා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ධාවන පථ තාවකාලිකව වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ටෝකියෝ වැසියන්ට භූ කම්පනයේ සෙලවීම දැනෙන්නට මොහොතකට පෙර, භූමිකම්පා පිළිබඳ ජපානයේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය විශාල කම්පනයක් ගැන අනතුරු අඟවා තිබුණා.

චීබා සහ ඉබරාකි ප්‍රාන්තවල භූමිකම්පාව දුර්වල ලෙස සටහන් වූ අතර ටෝකියෝ අගනුවරට දැඩි ලෙස දැනුණු නමුත් විශාල හානියක් පිළිබඳ වාර්තා වී නැහැ.

Ibaraki හි පිහිටා ඇති Tokai අංක 2 න්‍යෂ්ටික බලාගාරයේ කිසිදු අසාමාන්‍යතාවයක් වාර්තා වී නොමැති බව එහි ක්‍රියාකරුවන් පවසනවා.

ලෝකයේ වඩාත්ම භූ කම්පන ක්‍රියාකාරී ප්‍රදේශයක් වන ජපානයේ භූමිකම්පා බහුලව දක්නට ලැබෙනවා.

රික්ටර් පරිමාණයේ 6 හෝ ඊට වැඩි ප්‍රබලත්වයෙන් යුක්තව ලොව සිදුවන භූමිකම්පාවලින් පහෙන් එකක් පමණ සිදු වන්නේ ජපානයේයි.

අද කම්පනය වාර්තා වන්නේ ඉෂිකාවා ප්‍රාන්තයට බලපෑ රිච්ටර් මාපක 6.5 ක භූමිකම්පාවකින් එක් අයෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදුවී සති තුනකට පසුවයි.

ප්‍රබල භූමිකම්පාවලට ඔරොත්තු දෙන ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා ජපානයේ දැඩි ඉදිකිරීම් රෙගුලාසි පවතින අතර, ප්‍රධාන ව්‍යසනයන් සඳහා සූදානම් වීම වෙනුවෙන් හදිසි අභ්‍යාස පැවැත්වීම ද පුරුද්දක් ලෙස සිදු කරනු ලබනවා.