30 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපොහොට්ටුවේ සභාපතිකම ඉල්ලා ජී. එල්ගෙන් පෙත්සමක්

පොහොට්ටුවේ සභාපතිකම ඉල්ලා ජී. එල්ගෙන් පෙත්සමක්

තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීමට බාධා පැමිණවීම වැළැක්වීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් සහ එහි ජාතික සංවිධායකවරයායි නම් කර ඇත්තේ.

පෙත්සම්කාර මහාචාර්යවරයා කියා සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා සභා රැස්වීමේදී එහි සභාපති ධූරයෙන් තමන්ව ඉවත් කළ බවට ප්‍රකාශ වී ඇති බවයි.

එම තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි පෙත්සම්කාර ජී.එල්. පීරිස් කියා සිටියේ.

ඒ අනුව තමන් තවදුරටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමා එම ධුරයේ කටයුතු කිරීමට සිදු කරන බාධාකිරීම් වැළැක්වීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් මහාචාර්ය ජි. එල්. පිරිස් මහතා මෙම නඩුව ගොනු කර තිබෙනවා.