26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅබුඩාබි හි ගින්නකින් ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට

අබුඩාබි හි ගින්නකින් ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට

අබුඩාබි, බනියාස් ප්‍රදේශයේ සංචාරක හෝටලයක ඇති වූ ගින්නකින් ශ්‍රී ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඇය සමග ගින්නට හසුවූ තවත් 05 දෙනෙකුද මියගොස් ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා පැවසුවේ.

එලෙස මියගොස් ඇත්තේ 2021 වසරේ අබුඩාබි රාජ්‍යයට සංචාරක වීසා මත රැකියා සඳහා පිටත්ව ගිය තරුණියක් වන අතර ඇයගේ අනන්‍යතාව නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටියි.