23.9 C
Colombo
Sunday, December 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකඳානේ නිවසකින් දෙඅත් ගැට ගැසූ මළ සිරුරක්

කඳානේ නිවසකින් දෙඅත් ගැට ගැසූ මළ සිරුරක්

කඳාන, වැලිගම්පිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙකු අභිරහස් ලෙස ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 84 හැවිරිදි වියේ පසුවූ එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ එම පුද්ගලයා අදාළ නිවස තුළ තනිවම වාසය කර ඇති බවයි.

මියගොස් ඇති පුද්ගලයාගේ දියණිය ඊයේ සිය පියා බැලීම සඳහා නිවසට පැමිණ ඇති අතර ගේට්ටුව සහ නිවස අගුළු දමා තිබීම හේතුවෙන් වැඩිදුරටත් සොයා බැලූ අවස්ථාවේදීයි මෙම මෘත ශරීරය හමු වී ඇත්තේ.

අනතුරුව දියණිය පොලීසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබේ.