26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකළුතර ටියුෂන් ගුරුවරයා අද අධිකරණයට

කළුතර ටියුෂන් ගුරුවරයා අද අධිකරණයට

කළුතර ප්‍රදේශයේ උපකාරක පංතිවලට සහභාගීවූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි උපකාරක පන්ති ගුරුවරයා අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා.

පසුගිය 15 වැනිදා සැකකරු කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර තිබුණේ. කළුතර උතුර, සුභසාධක මාවතේ පදිංචි 30 හැවිරිදි අයෙකුටයි මෙලෙස චෝදනා එල්ල වී ඇත්තේ.

මෙම සැකකරු අධිකරණයට ගෙන ආ මොහොතේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි තරුණයින් පිරිසක් ඔහුට නීතිමය ආධාර ලබා නොදෙන ලෙසටත් නීතිය දැඩි ලෙස නිතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලමින් නිහඬ විරෝධතාවක ද නිරත වුණා.