29.5 C
Colombo
Sunday, August 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකළුතර සිසු සිසුවියන්ට ලිංගික අධ්‍යාපනික වැඩසටහනක්

කළුතර සිසු සිසුවියන්ට ලිංගික අධ්‍යාපනික වැඩසටහනක්

කළුතර දිස්ත්‍රික්කයේ පාසල් සිසු සිසුවියන් ඉලක්ක කර ගනිමින් ලිංගික සෞඛ්‍ය අධ්‍යාපන (Sex Education) වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පැවසීය.

මෙවැනි අධ්‍යාපනික වැඩසටහන් රට පුරා ක්‍රියාත්මක කළයුතු බවත් දරුවන්ට ලිංගික සෞඛ්‍ය අධ්‍යාපන පිළිබඳව පවතින අවම දැනුම වර්ධනයට සෞඛ්‍ය අංශය හා අධ්‍යාපන අංශයන් මැදිහත් විය යුතු බවත් ඇය සඳහන් කළාය.

මේ සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡාවක් පැවැත්වෙන අතර වයස අවුරුදු 15-18 අතර පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මකය.

මෙම වැඩසටහන් මාලාව ලබන ජූනි මාසයේ සිට ඇරඹීමට හැකි බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ පසු මෙම තීරණය ගනු ලැබූ බවත් ඇය පැවසුවාය.