28.4 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපුතා සැඟවූ තුවක්කුව පත්තු වී මව රෝහලේ

පුතා සැඟවූ තුවක්කුව පත්තු වී මව රෝහලේ

සිය පුතා විසින් කසල ගොඩේ සඟවා තිබූ සතුන්ට ඇටවීමට සැකසූ බඳින තුවක්කුවක් පුපුරා යාමෙන් තුවාල ලැබූ මවක් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව ගෝනගංආර පොලිසිය පවසනවා.

ඩෙංගු මර්දන කටයුතු සඳහා නිවෙස් පරීක්ෂා කිරීමට පැමිණෙන බවට ගෝනගංආර පොලිසිය විසින් ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන මිට දින කිහිපයකට පෙර ප්‍රදේශවාසීන් දැනුවත් කර තිබෙනවා.

බියට පත් වූ පුතා බඳින තුවක්කුඩ කසල ගොඩේ සඟවා රැකියාවට ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මව නිවස වටා තිබෙන කසල එක්රැස් කර කුණු ගොඩට දමා ගිනි තබා ඒ අසල රැඳී සිට තිබෙන බව සඳහන්.

එම අවස්ථාවේදි සඟවා තිබූ බඳින තුවක්කුව පුපුරා ගොස් ඇයගේ පාදයකට තුවාල සිදු වී ඇති බැවින් ඇය රෝහල් ගත කළ බව ගෝනගංආර පොලිසිය පවසනවා.