29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපොල්ගෙඩි 20ක් හොරා ගත්තාට ලැබුණු දඬුවම

පොල්ගෙඩි 20ක් හොරා ගත්තාට ලැබුණු දඬුවම

දිවුලපිටිය, කෙහෙල්ඇල්ල ප්‍රදේශයේ වත්තකට අයුතු ලෙස ඇතුල්වී රුපියල් 1200 ක් වටිනා පොල් ගෙඩි 20ක් සොරකම් කිරීම යන චෝදනා දෙකට වරදකරු වූ විත්තිකරුවකුට එක් චෝදනාවකට මාස තුන බැගින් චෝදනා දෙකට බරපතල වැඩ ඇතුව එක් වසරක සිර දඬුවමක් නියම කර තිබේ.

මොහු 2021 වර්ෂයේ ජනවාරි මස 31 හෝ ඊට ආසන්න දිනයකදී දිවුලපිටිය, කෙහෙල්ඇල්ලේදී මෙම සොරකම සිදු කර ඇති බවයි අධිකරණය පවසන්නේ.

චූදිතයාට පෙර වැරදි නොමැති බවට ඇගිලි සටහන් වාර්තා අනුව සනාථ වී ඇති බැවින් නියම කළ බරපතළ වැඩ ඇතිව එක් වසරක සිර දඬුවම වසර 10 කට අත්හිටුවන ලෙසයි මහේස්ත්‍රාත්වරිය නියම කර ඇත්තේ.

දිවුලපිටිය, කෙහෙල් ඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ එක්දරු පියෙකුට මෙසේ අත්හිටවූ සිර දඬුවම් නියම කෙරුණි.