27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොසොන් උත්සවයට IMF හරස් වුණාදැයි සැකයි

පොසොන් උත්සවයට IMF හරස් වුණාදැයි සැකයි

බෞද්ධ ආගම පෝෂණය කර සුරක්ෂිත කරන බවට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සඳහන්ව තිබුණද, මේ වන විට එම ව්‍යවස්ථාව සහ බුද්ධ ශාසනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් පාලනය කරනවා ද යන්න පිළිබඳව සැකයක් පවතින බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් සඳහන් කරනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ මෙවර රාජ්‍ය පොසොන් උත්සවය ආරම්භ කිරීම සඳහා ඇරඹුණු සති පිරිත් දේශනාව ආරම්භ කිරීමේ අවස්ථාවේදී අනුශාසනාවක් සිදු කරමින්.

ඓතිහාසික මිහින්තලා පුදබිමේ පහත මළුවේ සිට පැන් පෙරහැර උඩමළුවට වැඩම කරවීමෙන් අනතුරුව නායක හිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් සති පිරිත් දේශනාව ආරම්භ කෙරුණා.