28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබාහිර සමාගම් යොදා ගනිමින් ඉන්ධන අලෙවි කරන පුවත අසත්‍යයි

බාහිර සමාගම් යොදා ගනිමින් ඉන්ධන අලෙවි කරන පුවත අසත්‍යයි

විදේශ සමාගම් යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉන්ධන අලෙවි කරන බවට පළවන වාර්තා අසත්‍ය බව චීනයේ සිනෝපෙක් සමාගම පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ ඉන්ධන අලෙවි කිරීම සඳහා චීනයේ සිනෝපෙක් සමාගම සමඟ ගිවිසුමක් අත්සන් කළ බව රජය පසුගියදා නිවේදනය කළේය.

ඉන් අනතුරුව සිනොපෙක් වෙනත් බාහිර සමාගම් යොදා ගනිමින් ඉන්ධන අලෙවි කරන බවට වාර්තා පළ විය.

මෙම තත්ත්වය තුළ සිනෝපෙක් විසින් මෙය ප්‍රතික්ෂේප කර ඇති අතර තම ව්‍යාපාර සඳහා තෙවන පාර්ශවයන් සම්බන්ධ කර නොගන්නා බව ප්‍රකාශ කර ඇත.

මීට අමතරව, සිනෝපෙක් සමාගම නිවේදනය කර ඇත්තේ තම ඉන්ධන පිරවුම්හල් සඳහා වන සේවා අයිතිය වෙනත් පාර්ශවයකට පැවරීමට අවශ්‍ය නොවන බවත් එහි වෙළඳ නාමයේ කීර්ති නාමය ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවත්ය.