― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsලෝක වාර්තාවක් තැබූ නුවරඑළියේ පෙරපාසල් සිඟිත්තා

ලෝක වාර්තාවක් තැබූ නුවරඑළියේ පෙරපාසල් සිඟිත්තා

ලෝකයේ රටවල් 195 සහ එහි අගනුවරවල් හිස් සිතියමක ලකුණු කරන කුඩා දරුවෙකු පිළිබඳව පසුගිය දිනවල විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල අවධානයට ලක් වුණා.

නුවරඑළිය ප්‍රදේශයේ ජීවත්වන අවුරුදු පහක් වයසැති ‘කලානේෂන් හර්ෂිත්’ නැමැති මෙම දරුවා ලෝක වාර්තාවක් පිහිටුවීමට ඊයේ (25) සමත්ව තිබෙනවා. ස්ථාන කිසිවක් ලකුණු නොකළ ලෝක සිතියමක ලෝකයේ රටවල් 195 සහ එම රටවල්වල අගනුවරවල් විනාඩි 04යි තත්පර 16ක කාලයක් තුළ ලකුණු කරමින් මෙම කුඩා දරුවා ලෝක වාර්තාව පිහිටවනු ලැබුවා.

මෙම ලෝක වාර්තාව නිරීක්ෂණය සඳහා ‘චෝලන් බුක් ඔෆ් වර්ල්ඩ් රෙකෝඩ්’ ආයතනයේ ජාත්‍යන්තර සම්බන්ධීකාරක පෙරුමාල් නීලමේගම්, ශ්‍රී ලංකා ප්‍රධානි යෝගදාසන් ජූඩ් නිමලන්, නුවරඑළිය ශුද්ධ ත්‍රිත්ව මධ්‍ය මහා විදුහලේ විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලය සමඟ විශාල පිරිසක් එක්ව සිටියා.

ජාත්‍යන්තර සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වන ‘චෝලන් බුක් ඔෆ් වර්ල්ඩ් රෙකෝඩ්’ ආයතනට ඉන්දීය මධ්‍යම රජයේ ලියාපදිංචිය යටතේ රටවල් 24ක ක්‍රියාත්මක වන, ගිනස් වාර්තාවට පමණක් දෙවැනි වාර්තා පොතක් ලෙස හඳුන්වා දිය හැකියි.

මෙහිදි අදහස් දැක්වූ පස් හැවිරිදි කලානේෂන් හර්ෂිත්ගේ දෙමාපියන් කියා සිටියේ සිය දරුවා පිහිට වූ වාර්තාව සම්බන්ධයෙන් දෙමව්පියන් වශයෙන් දැඩි සතුටට පත්වන බවත්, මීළඟට ගිනස් වාර්තාවක් සඳහා දරුවා පුහුණු කරන බවත් ඒ සඳහා අවශ්‍ය සහයෝගය බලාපොරොත්තු වන බවත් සඳහන් කර සිටියා.