28 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිසුවෙකුට අත අහිමි කළ සරුංගල් ආරවුල

සිසුවෙකුට අත අහිමි කළ සරුංගල් ආරවුල

මාතර වෙහරගම්පිටිය ප්‍රෙද්ශයේදී දී සරුංගල් යැවීම සම්බන්ධයෙන් ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් පසු 16 හැවිරිදි පාසල් සිසුවෙකුට කඩුවකින් පහර දී අතක් කපා දමා බරපතල තුවාල සිදු කල බව කියන එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අද (26) සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

අදාල සිසුවාගේ දකුණු අතේ මැණික් කටුවට ඉහලින් කැපී සම්පූර්ණයෙන්ම වෙන්ව ගොස් තිබු අතර පවුලේ ඥාතීන් කැපී ගිය අතේ කොටස අයිස් වල දමා රෝහල වෙත රැගෙන විත් තිබුණි.

පාසල් සිසුවාගේ අත බද්ධ කිරීම සදහා කොලඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.