― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsමවට කරදර කළ මිත්තණිය මුණුපුරා අතින් අවසන් ගමන් යයි

මවට කරදර කළ මිත්තණිය මුණුපුරා අතින් අවසන් ගමන් යයි

සිය මිත්තණියගේ ගෙළ පිහියකින් කපා ඝාතනය කර, ඇයගේ සිරුර කැළයක් වෙත ඇදගෙන ගොස් දැමූ බව කියන 24 හැවිරිදි මුණුපුරෙකු අත්අඩංගුවට ගත් බව බදුරලිය පොලිසිය පවසනවා.

ඝාතනයට ලක් වූ තැනැත්තිය බදුරලිය, හැඩිගල්ල ජනපදය, බොල්ලුන්න ප්‍රදේශයේ පදිංචිව සිටි ලීලාවතී වික්‍රමසිංහ නැමැති කාන්තවක් බවයි පොලිසිය පැවසුවේ.

අදාළ කාන්තාව සැකකරු පදිංචි නිවසේ පදිංචිව සිට ඇති අතර, ඇය විසින් තම මවට කරදර කරන බව පවසා සැකකාර මුණුපුරා මෙම ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඝාතනයට ලක් වූ කාන්තාව රෝහල් ගතව සිට ඊයේ (26) දින නිවසට පැමිණ තිබූ බවයි වාර්තා වුණේ.

ඇයගේ ප්‍රතිකාර කටයුතු සඳහා මවට මුදල් වියදම් වන බවට සැකකරු උරණව මෙම අපරාධය සිදුකර ඇති බව පොලීස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය ඇත්තේ.

මංගල උත්සවයකට සහභාගි වී මත්පැන් පානය කර නිවසට පැමිණ තිබූ සැකකරු නිවස තුළ සිටි මිත්තණියට පිහියකින් පහර දී අනතුරුව අසල කැළයක් වෙත ඇදගෙන ගොස් දමා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු ඝාතනයට යොදාගත් තියුණු ආයුධය ද පොලිසිය මඟින් සොයාගෙන ඇති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් බදුරලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.