27.2 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅරුවක්කාලු කසළ අංගනයේ මෙහෙයුම් ලබන වසරේදී

අරුවක්කාලු කසළ අංගනයේ මෙහෙයුම් ලබන වසරේදී

අරුවක්කාලු අංගනයේ කසළ ගොඩබෑම, කසළ පැටවීම සහ රඳවන පහසුකමේ මෙහෙයුම් කටයුතු ලබන වසරේදී ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

මෙහි ඉදිකිරීම් කටයුතු මෙම වසර අවසන් වනවිට නිම කරන ලෙසයි අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ.

දිනෙන් දින ඉහළ යන නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටළුව විසඳීම සඳහා සනීපාරක්ෂක කසළ රඳවනයක අවශ්‍යතාවය අරමුණු කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය.

ඒ අනුව කොළඹ අගනගරයේ දෛනිකව එකතු වන කසළ මෙට්ට්‍රක් ටොන් 1200 ක් පමණ වනවාසල සිට කිලෝ මීටර 170ක් පමණ දුරින් පිහිටි පුත්තලම, අරුවක්කාලු අංගනය දක්වා දුම්රිය මගින් ප්‍රවාහනය කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කරනු ලබයි.