― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsආගමික කරුණු විකෘති කිරීම ගැන නව කෙටුම්පතක්

ආගමික කරුණු විකෘති කිරීම ගැන නව කෙටුම්පතක්

ඉදිරියේදී ආගමික නිදහස සහ කරුණු විකෘති කිරීම පිළිබඳව නව පනත් කෙටුම්පතක් ගෙන ඒමට කටයුතු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසීය.

පසුගිය දින කිහිපය තුළදී ආගම්වලට අපහාස වන අන්දමේ ප්‍රකාශ නිකුත් කිරීමේ සිද්ධීන් බහුලව වාර්තාවූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එබැවින් එවැනි ප්‍රකාශයන්ට එරෙහිව කටයුතු කළ හැකි ආකාරයේ නව කෙටුම්පතක් සම්පාදනය කරන බව ඔහු අවධාරණය කළේය.