යල කන්නය සඳහා ලෝක බැංකු ආධාර යටතේ මෙරටට ආනයනය කරන ලද යූරියා පොහොර ලබන ජුනි මස 12 වැනිදාට පෙර බෙදා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ඕමානයෙන් මෙරටට ආනයනය කර ඇති පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 31,250ක් බවයි එහි ලේකම් ගුණදාස සමරසිංහ සඳහන් කළේ.
එමෙන්ම ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් තවත් යූරියා මෙට්‍රික් ටොන් 3600ක ප්‍රමාණයක් ලැබීමට නියමිත බවත් ඔහු අවධාරණය කළේය.