27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිහින්තලේ ගිණුමට බැතිමතුන්ගෙන් ලක්ෂ 50ක්

මිහින්තලේ ගිණුමට බැතිමතුන්ගෙන් ලක්ෂ 50ක්

බැතිමතුන්ගෙන් සිදුකළ ඉල්ලීමට අනුව මෙවර පොසොන් මංගල්‍යය සඳහා මේ වනවිට විශාල වශයෙන් දායකත්වය ලැබෙමින් පවතින බව ඓතිහාසක මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන් පවසනවා.

මාධ්‍ය හමුවක් පවත්වමින් මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන් අද (29) මේ බව සඳහන් කළා.

මෙවර පොසොන් මංගල්‍ය වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය ප්‍රමාණවත් පරිදි නොලැබීම හේතුවෙන් මිහින්තලා ආලෝක පූජාව සහ මිහිඳු පෙරහැර පැවැත්වීමට නොහැකි පසුබිමක් උදා වී ඇති බව මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන් විසින් පසුගිය දිනවල සඳහන් කළා.

ඒ අනුව දෙස් විදෙස් බැතිමතුන් විසින් මේ වනවිට ඒ සඳහා දායකත්වය ලබාදෙමින් පවතින බවයි උන්වහන්සේ මෙහිදී සඳහන් කළේ. මේ වන විටත් රුපියල් ලක්ෂ 50කට වැඩි මුදලක් මෙවර පොසොන් උත්සවය සඳහා බැතිමතුන් විසින් මිහින්තලා රජ මහා විහාර ගිණුමට බැර කර ඇති බවත් මෙම මාධ්‍ය හමුවේ දී අනාවරණය වුණා.

ලොව වැඩිම සතුටින් සිටින පිරිස වන්නේ වසර 75ක් පුරා මූල්‍ය කලමනාකරණය හොඳින් සිදුකළ මෙරට දේශපාලඥයින් බව ද උන්වහන්සේ මෙම මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.