29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවයඹ පළාතෙන් පිට ගවයින් ප්‍රවාහනය තහනම්

වයඹ පළාතෙන් පිට ගවයින් ප්‍රවාහනය තහනම්

වයඹ පළාතෙන් පිට පළාත්වලටත් පිට පළාත්වලින් වයඹ පළාතටත් ගවයන් ප්‍රවාහනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.

වයඹ පළාත තුළ ගවයන් අතර සීග්‍රයෙන් පැතිර යන වෛරස් රෝගයක් පාලනය කිරීමේ අරමුණින් වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ගවයන්ගේ සම ආශ්‍රිතව ඇතිවන මෙම වෛරස් රෝගය මේ වනවිට වයඹ පළාතේ පශු වෛද්‍ය නිලධාරි කොට්ඨාස 46න් 34ක පැතිර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.