30 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSportවර්ෂාව නිසා අතහැර දැමූ IPL අවසන් මහා සටන අදයි

වර්ෂාව නිසා අතහැර දැමූ IPL අවසන් මහා සටන අදයි

වර්ෂාව හේතුවෙන් ඊයේ (28) අතහැර දැමූ අයි.පී.එල්. තරගාවලියේ අවසන් මහා තරගය අද (29) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

2023 අයි.පී.එල්. තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (28) දින පැවැත්වීමට නියමිතව තිබුණ ද අහමදාබාද් නුවරට ඇද හැලුනු අධික වර්ෂාව හේතුවෙන් තරගයේ කාසිය වාසිය හෝ උරගා බැලීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

ඒ හේතුවෙන් තරග සංවිධායකින් තීරණය කළේ අවසන් මහා තරගය සඳහා වෙන්කර ඇති අතිරේක දිනය වන අද දිනයේ දී මෙම තරගය පැවැත්වීමටයි. ජයග්‍රාහකයින් වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 20ක මුදලක් පිරිනැමෙන මෙවර අවසන් මහා තරගය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් මෙවර සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ අනුව අවසන් මහා තරගය අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.