― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsසාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹේ

සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹේ

2022 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (29) ආරම්භ වෙනවා.

දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,568 කදී මෙවර විභාගය පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ. මෙවර සාමාන්‍ය පෙළ විභාගයසඳහා විභාග අපේක්ෂකයින් 472,553ක් ඉදිරිපත්ව සිටිනවා.

මේ අතර විභාගය සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් ඇත් නම් 0112784208, 0112784537, 0112785922 සහ 0112786616 යන දුරකථන අංකයන් ඇමතීමෙන් වැඩි තොරතරු ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාවක් ද විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ යොදවා ඇති බවයි පොලිසිය ඊයේ (28) දැනුම් දුන්නේ.

මේ අතර විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ‘සිසු සැරිය’ බස් රථ සේවාව ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු සැළසුම් කර තිබෙනවා. අදින් ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 08 වනදා දක්වා පැවැත්වෙනවා.