― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsසාමාන්‍ය පෙළ සිසුන් ප්‍රවාහනයට සිසු සැරිය බස් ධාවනයේ

සාමාන්‍ය පෙළ සිසුන් ප්‍රවාහනයට සිසු සැරිය බස් ධාවනයේ

2022 අධ්‍යයන සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වී ඇති බැවින් විභාග කාලසීමාව තුළ සිසු සැරිය බස් සේවාව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

පාසල් නිවාඩුවත් සමග සිසු බස් රථ ධාවනය නතර කිරීම සාමාන්‍ය ක්‍රමවේදය වන නමුත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා කියා සිටියේ මෙම සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ බස් රථ සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමට සැලසුම් කර ඇති බවයි.

මේ අතර ඊයේ (28) සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන පාසල්වල විශේෂ ඩෙංගු උණ මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කළ බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි සඳහන් කරයි.

ඒ සමගම අද සිට සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වුවද උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු අඛණ්ඩව සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසා තිබේ.