27.7 C
Colombo
Sunday, May 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසිසුන් දෙදෙනෙකුට හදි කළ විදුහල්පති අත්අඩංගුවට

සිසුන් දෙදෙනෙකුට හදි කළ විදුහල්පති අත්අඩංගුවට

කොඩිප්පිලිකන්ද විදුහලේ හිටපු වැඩබලන විදුහල්පති හා නැටුම් විෂය ඉගැන්වූ ගුරුවරයා සොයා කලවාන පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ දොළොස් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙකු අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට අදාළවයි.

විමර්ශන්වලදී අනාවරණය වී ඇත්තේ එම විදුහලේ නානකාමරය තුළදී මෙම දරුවන් අපයෝජනය කර ඇති බවයි.

කලවාන පොලීසියට ලද තොරතුරු මත සිදුවීම සම්බන්ධව විමර්ශන කිරීමෙන් අනතුරුව කරුණු අනාවරණය වී ඇති අතර මෙම පුද්ගලයා මීට පෙරද මෙවැනි ම ක්‍රියා හේතුවෙන් වැඩ තහනමට ලක් වී සිටින අයෙකු බවයි පොලීසිය පවසන්නේ.