30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමහින්ද රාජපක්ෂ තමයි මගේ දේශපාලන ගුරුවරයා - ගීතා

මහින්ද රාජපක්ෂ තමයි මගේ දේශපාලන ගුරුවරයා – ගීතා

තමා ජීවත් වනතුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැකගැනීමට ඇප කැපවී වැඩකරන බවත් තමාව දේශපාලනයට රැගෙන ආවේ මහින්ද රාජපක්ෂ බවත් රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පැවසුවාය.

රාජ්‍ය අමාත්‍යවරිය මේ අදහස් පළකළේ ඇල්පිටිය ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමිනි.

එම නිසා තමාගේ දේශපාලන ගුරුවරයා හැටියට මහින්ද රාජපක්ෂ සලකන බවත් තමාට දේශපාලනයෙන් සමුගැනීමේ අදහසක් නොමැති බවත් ඇය එහිදී අවධාරණය කළාය.

මාව දේශපාලනයට රැගෙන ආවේ මහින්ද රාජපක්ෂ මැතිතුමායි. එතුමා මාගේ දේශපාලන ගුරුවරයා හැටියට මම සලකනවා. එතුමාට ගෞරව කරන කෙනෙක් හැටියට සෑමදාම එතුමා සමග මම සිටිනවා. ඒ වගේම පොදුජන පෙරමුණ වෙනුවෙන් ඇපකැපවී කටයුතු කරනවා. සමහරු නොයෙක් බොරු බේගල් ඇදබානවා. තමුන්නාන්සේලා ඒවාට රැවටෙන්න එපා. සමහරු කියනවා එයා ආයෙම දේශපාලනයට එන්නෙ නැහැ කියල. ඒ බොරු කතා විශ්වාස කරන්න එපා. මම සමහර වෙලාවට බොරුවට කියනවා දේශපාලනය් ගැන කලකිරිලයි මම ඉන්නෙ කියල.

මම එහෙම කියන්නෙ දේශපාලනයෙන් සමුගන්න නෙමෙයි. මට මඩගහන බොරු කියන සමහරු එතකොට ලබන සතුට බලන්නයි මම එහෙම කියන්නෙ. මට එතකොට මගේ විරුද්ධවාදීන් කවුද කියල හරියට බලාගන්න පුළුවන්