― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsආනයනික කරවලවල ආසනික් ඇති බවට අනාවරණයක්

ආනයනික කරවලවල ආසනික් ඇති බවට අනාවරණයක්

ආනයනික සමහර කරවල, හාල්මැස්සන් තොගවල බැර ලෝහ සහ ආසනික් විශාල ප්‍රමාණවලින් අඩංගු වන බව අනාවරණය වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය සිදු කළ ජාතික ආහාර සුරක්ෂිතතා සමීක්ෂණයේදීයි මේ බව හෙළි වී ඇත්තේ.

මීට අමතරව සමහර ආනයනික පලතුරු තොගවලද බැර ලෝහයක් වන ඊයම් විශාල ලෙස අඩංගු බව අනාවරණය වී ඇති අතර ඒ අනුව ජූනි 01 වැනිදා සිට ආදළ ආහාර ද්‍රව්‍යවල බැර ලෝහ පරීක්ෂාව අනිවාර්යය කර ඇති බවයි වාර්තා වන්නේ.