28.9 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑළවළු මිල අහස උසට

එළවළු මිල අහස උසට

පසුගිය සතියට සාපේක්ෂව එළවළු තොග මිල 40%කින් පමණ ඉහළ ගොස් තිබේ.

දඹුල්ල තොග වෙළෙඳපොළේ වෙළෙන්ඳන් පවසන්නේ සියලුම එළවළු වර්ගවල තොග මිල මෙලෙස ඉහළ ගොස් ඇති බවයි.

මේ හේතුවෙන් එළවළු තොග ගැණුම්කරුවන්ගේ පැමිණීම අඩුවී තිබෙන අතර එළවළු තොග සැපයුම ද අවම වී ඇති බව්යඉ ඔවුන් පවසන්නේ.

ඒ අනුව අමු මිරිස්, මාළු මිරිස්, බෝංචි සහ ලීක්ස් මිල පසුගිය සතියට සාපේක්ෂව 50%කින් පමණ ඉහළ ගොස් තිබේ.

එමෙන්ම බෝංචි රුපියල් 350 – 375ත්, අමු මිරිස් රුපියල් 350 – 360ත්, මාළු මිරිස් රුපියල් 370 – 400ත්, ලීක්ස් රුපියල් 250 – 300ත්, කැරට් රුපියල් 250 – 260ත්, කැකිරි රුපියල් 70 – 75ත් සහ වට්ටක්කා රුපියල් 60 – 65ත් අතර මිලකට අලෙවි විය.