27.7 C
Colombo
Wednesday, May 21, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකළුතර තරුණියක් අතුරුදහන්

කළුතර තරුණියක් අතුරුදහන්

21 හැවි­රිදි ශිෂ්‍යයා­වක් අතු­රු­ද­න්වී­ම සම්බන්ධ­යෙන් මොර­ටුව පොලි­සිය විම­ර්ශ­න­යක් ආරම්භ කර තිබේ.

පොලීසිය පවසන්නේ මොර­ටුව විශ්ව­වි­ද්‍යා­ලයේ ඉංග්‍රීසි සහ­තික පත්‍ර පාඨ­මා­ලා­වක් හදාරන මෙම සිසුවිය කළු­තර, ගම­ගොඩ, කොහු­ලානේ පදිං­චි­කා­රි­යක් බවයි.

ඇගේ මව පෙරේදා (28) සවස මොර­ටුව පොලි­සි­යට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර එහි දැක්වෙන්නේ සිය දිය­ණිය පෙරේදා උදෑ­සන ඉංග්‍රීසි පාඨ­මා­ල­වට සම්බන්ධ වීමට යන බව පවසා නිව­සින් පිටත්ව ගිය බවත් සවස නැවත නිව­සට නොපැ­මිණි බවත්ය.

ඇගේ ජංගම දුර­ක­ත­න­යද අක්‍රි­යව පව­තින බවයි මව පොලි­සි­ය හමුවේ පවසා ඇත්තේ.

පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ තරු­ණිය පෙරේදා එම පාඨ­මා­ලා­වට සහ­භා­ගි වී නොමැති බවයි.