25 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකිලිනොච්චියේ රිය අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

කිලිනොච්චියේ රිය අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

කිලිනොච්චියේදී ඊයේ (29) සවස සිදුවූ රිය අනතුරින් කිසිවකු මියගොස් තිබේ.

ඊයේ පස්වරු 4.00 ට මෙම අනතුර සිදුව ඇත.

කිලිනොච්චියේ සිට ධර්මපුරම් දෙසට ධාවනය වූ යතුරුපැදියක් සහ පුතුකුඩිරිප්පු ප්‍රදේශයේ සිට කිලිනොච්චිය දෙසට ධාවනය වූ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඉන් එක් අයෙක් ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.