කුකුල් මස්, මාලු සහ බිත්තර මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
ඒ අනුව රුපියල් 1000 ත් 1100 ත් අතර මිලකට පැවති කුකුල් මස් මිල රුපියල් 1500 ත් 1600 ත් අතර මිලකට එක්වරම වැඩි වී ඇති අතර වෙළෙඳපොළේ මාලු මිල ගණන්ද ඉහළ අගයක් ගෙන තිබේ.
මේ අතර බිත්තර සඳහා රජය පාලන මිලක් පනවනු ලැබුවත් සාමාන්‍ය වෙළෙඳපොළේ බිත්තරයත් තවදුරටත් රුපියල් 53 ත් 55 ත් අතර මිළකට අලෙවි වන බවයි පාරිභෝගිකයින් පවසන්නේ.