31 C
Colombo
Wednesday, October 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීනයේ විදේශ කටයුතු උප ඇමති මෙරටට

චීනයේ විදේශ කටයුතු උප ඇමති මෙරටට

චීනයේ විදේශ කටයුතු උප අමාත්‍ය සන් වෙයිඩොංග් ප්‍රමුඛ චීන විදේශ අමාත්‍යාංශ දූත පිරිසක් ඊයේ (29) සවස මෙරටට පැමිණ තිබේ.

මෙම දූත පිරිස ජුනි 01දා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය. ඔවුන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන සමඟ දෙරට අතර පැවැත්වෙන 12 වැනි රාජ්‍යතාන්ත්‍රික උපදේශන වටයේ ශ්‍රී ලංකාව හා සම සභාපතිත්වය දරනු ඇති.

දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සහයෝගීතාව මෙන්ම තේමාත්මක සහයෝගීතාව සහ මිනිසුන් අතර සම්බන්ධතා ආවරණය වන පරිදි ද්විපාර්ශ්වික සබඳතාවල තත්ත්වය තක්සේරු කිරීමට සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මෙම සංචාරයේදී විදේශ කටයුතු උප අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය යන මහත්වරුන් හමුවීමට නියමිතය.