28.4 C
Colombo
Saturday, May 17, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalමාස 03කින් පොදු ප්‍රවාහනය ඩිජිටල්කරණය කරනවා - බන්දුල

මාස 03කින් පොදු ප්‍රවාහනය ඩිජිටල්කරණය කරනවා – බන්දුල

ඉදිරි මාස තුන ඇතුළත පොදු ප්‍රවාහනය ඩිජිටල්කරණය සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන බව කැබිනට් ප්‍රකාශක සහ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ ලෝකයේ තාක්‍ෂණය දියුණු වී ඇතත් තවමත් මිනිසුන්ට සිල්ලර කාසිවලින් බස් රථවල ගමන් කිරීමට සිදුවීම කණගාටුවට කරුණක් බවයි.

ඒ අනුව ඉදිරියේදී ඩිජිටල් තාක්ෂණය යටතේ පොදු ප්‍රවාහන මෙහෙයුම් සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.