වෙළෙඳපොළේ මාළු මිල ගණන් සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් පවසති.
පෑළියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ කෙලවල්ලා කිලෝව රුපියල් 1900 කටත්, බලයා කිලෝව රුපියල් 1400 කටත්, පරා කිලෝව රුපියල් 1700 කටත්, තලපත් කිලෝව රුපියල් 2700 කටත්, සාලයා කිලෝව රුපියල් 400 කටත්, ලින්නා කිලෝව රුපියල් 1500 කටත් අලෙවි වන බවයි පාරිභෝගිකයින් පවසන්නේ.
මෙම මිල ගණන්වලට සාපේක්ෂව සාමාන්‍ය වෙළඳපොළේ මාළු මිල ගණන්ද ඉහල අගයක් ගෙන ඇති අතර කෙලවල්ලා කිලෝව රුපියල් 2800ත් 3200ත් අතර මිලකටත්, බලයා කිලෝව රුපියල් 2000 කටත්, පරා කිලෝව රුපියල් 2400 කටත්, තලපත් කිලෝව රුපියල් 3200 ත් 3800 කටත්, සාලයා කිලෝව රුපියල් 650 කටත්, හැඩැල්ලා කිලෝව රුපියල් 1950 කටත් අලෙවි වේ.