29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවහලෙට නැග උපවාස කළ රැඳවියා විජලනයෙන් රෝහලට

වහලෙට නැග උපවාස කළ රැඳවියා විජලනයෙන් රෝහලට

යාපනය බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙකු ආහාර වර්ජනය කරමින් බන්ධනාගාරයේ වහලය මත නැඟ විරෝධතාවක නිරත වෙමින් සිටින අතරතුර දී ඇති වූ විජලන තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගතකර තිබෙනවා.

බන්ධනාගාර නිලධාරීන් සඳහන් කළේ අදාළ රැඳවියා ඊයේ (29) මෙලෙස රෝහල් ගත කළ බවයි. මෙම රැඳවියා මාතර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙක් වන අතර ඔහු පසුගිය 27 වනදා සිට ආහාර වර්ජනය කරමින් තමන් යාපනය බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාරයක් වෙත මාරුකර යවන ලෙස දන්වා සිටියා.

පෙරේදා (28) දිනයේ බන්ධනාගාරයේ වහලය මතට නැඟී මෙම රැඳවියා අඛණ්ඩව විරෝධතාවයේ නියැලී සිටි බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඊයේ (29) දිනයේ යාපනය ප්‍රදේශයට බලපෑ උෂ්ණාධික කාලගුණය හේතුවෙන් මෙම බන්ධනාගාර වහලය මත රැඳී සිටි රැඳවියා විජලන තත්ත්වයට පත්ව බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.