31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශ්‍රී ලංකාව - මැලේසියාව සමග තිබූ ගිවිසුමක් දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකාව – මැලේසියාව සමග තිබූ ගිවිසුමක් දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව සහ මැලේසියාවේ කෘෂිකාර්මික පර්යේෂණ සංවර්ධන ආයතනය සමඟ අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමේ වලංගු කාලය දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

එම අවබෝධතා ගිවිසුමෙි වලංගු කාලසීමාව මේ වනවිට අවසන් වී ඇති අතර එකී ගිවිසුම තවත් වසර පහක් සඳහා දීර්ඝ කිරීම සඳහා දෙපාර්ශ්වයම එකඟ වී තිබේ.

ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්‍යාත්මක සහයෝගීතාව විධිමත් හා ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව සහ මැලේසියාවේ කෘෂිකාර්මික පර්යේෂණ සංවර්ධන ආයතනය අතර වසර 5 ක කාල සීමාවක් සඳහා 2016 වර්ෂයේ දී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිණි.