― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalආගම් භේද හදන අයට උපරිම දඬුවම් දෙනවා

ආගම් භේද හදන අයට උපරිම දඬුවම් දෙනවා

භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අවභාවිත කරමින් ආගම් අතර හෝ ජන වර්ග භේදභින්න කරන පුද්ගලයන්ට එරෙහිව උපරිම දඬුවම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (30) අධිකරණ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ එවැනි කටයුතුවල නිරත වන පුද්ගලයන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය හා ජාත්‍යන්තර පිළිගත් දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් ප්‍රඥප්තිය අනුව දඬුවම් ලබා දිය හැකි බවයි.

ඒ අනුව මෙරට අධිකරණ මගින් ඔවුන්ට වසර දෙකේ සිට වසර දහය දක්වා සිර දඬුවම් ලබා දීමට හැකියාව ඇති බවත් මෙවැනි ප්‍රකාශ නිසා ජාතීන් අතර, ආගම් අතර විරසකයක් ඇති වන බවට පෙනී යන අවස්ථාවක පැමිණිල්ලක් නොමැතිව වුව ද මීට අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට බලය තිබෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.